රන්ජන්ට ජනපති සමාව දුන් ලිපිය සජබය ඉල්ලයි

0
Ranjan Ramanayake - රන්ජන්ට ජනපති සමාව දුන් ලිපිය සජබය ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීය.

අද උදෑසන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඔහු එම ඉල්ලීම කළේය.

එම ලිපිය “අධ්‍යයනය කිරීමට අවශ්‍ය” බව කිරිඇල්ල මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම ලිපිය ලබාදිය හැකි බවය.