ආණ්ඩුවට එන්න හිටි සජබ ලොක්කෙක් පස්ස ගහයි

0
Financial Ministry - ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ ලොක්කෙක් පස්ස ගහයි

ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව වාර්තා වේ.

එසේවී ඇත්තේ මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා එය නොලැබීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ඔහුට ආණ්ඩුවෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධූරයයි. එහෙත් ඔහු ඊට එකඟවී නැතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් පත් කිරීම ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එය මෙසේ ප්‍රමාද කර ඇත්තේ අයවැය විවාදයන්හිදී එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා බව දැනගන්නට ඇත.

මේ අතර අමාත්‍යවරුන් පත් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් මුලින්ම පත් කිරීමට රජය සැලසුම් කර ඇත.