ගුවන් යානයේදී හිතවත් වූ කතගෙන් පණ ඇති තෑග්ගක්

0
Airline Incident - ගුවන් යානයේදී හිතවත් වූ කතගෙන් පණ ඇති තෑග්ගක්

සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්‍රවෘත්තියක් කළුතර පොලිසියෙන් වාර්තා වෙයි.

කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. ශාන්ත අප්පුහාමි යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක ගුවන් යානයේදී හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බව පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය කීය.

එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් නැවත නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි කලුතර දකුණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පරීක්ෂක නුවන්ති ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.