ශ්‍රී ලංකාවේ ණය ගැන ජපානයෙන් සුබ ආරංචියක්

0
Sri Lankan Debt - ශ්‍රී ලංකාවේ ණය ගැන ජපානයෙන් සුබ ආරංචියක්
Sri Lanka and Japanese flags.

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධාන කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ණය ලබා දී ඇති රටවල් සමග සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකග වී ඇති බවයි.

නමුත් එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව අපැහැදිළි බව වාර්තා වනවා.

බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් ම චීනය සතුයි.

එහි වටිනාකම ඩොලර් බිලියන 3.5 ක්.