ඉදිරි මාස 04ට අයවැය වෙන්වෙන්නේ මෙහෙමයි

0
Revised Budget - ඉදිරි මාස 04ට අයවැය වෙන්වෙන්නේ මෙහෙමයි

2021 දෙසැම්බර් 10 වනදා සම්මත වූ අයවැයට සංශෝධන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති සංශෝධන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව අගොස්තු මස 30 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම පනතේ පළමු කියවීම වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගොස්තු 09 වනදා අදාළ සංශෝධනය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

එම පනත් කෙටුම්පතට අනුව 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන්කර තිබූ රුපියල් දෙදහස් හත්සිය අනූ හය බිලියන හාරසිය හතලිස් හය මිලියන පනස්අට දහසක මුදල රුපියල් තුන්දහස් දෙසිය හැත්තෑ පස් බිලියන අටසිය හැත්තෑ හය මිලියන පන්සිය පනස් අට දහසක් ලෙස වැඩිකර තිබේ.

ඒ අනුව 2022 වසර සඳහා වෙන්කර ඇති අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 480කින් ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

එමෙන්ම 2022 වසරේ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 3,200 සිට රුපියල් බිලියන 4,082ක් දක්වා වැඩිකිරීමටද යෝජිතය.