සංශෝධිත අයවැය ලබන 30දා පාර්ලිමේන්තුවට

0
Revised Budget - සංශෝධිත අයවැය ලබන 30දා පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සංශෝධිත අයවැය පනත් කෙටුම්පත ලබන 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එදින පස්වරු 01 ට පාර්ලිමේන්තුව රැස්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.

එදින ජනාධිපතිවරයා විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පස්වරු 01 සිට 02 දක්වා සිදු කිරීමෙන් අනතුරුව අගෝස්තු 31 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙනු ඇති.

අයවැය විවාදය සැප්තැම්බර් පළමු වනදා හා දෙවනදා පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ.

මේ අතර ලබන 29 වනදා පෙරවරු 09 යි 30 ට පාර්ලිමේන්තුව රැස්වීමටද තීරණය වී තිබෙනවා.

ඒ අනුව විදුලිබිල වැඩිවීම පිළිබද සභාව කල්තැබීමේ විවාදය එදින පෙරවරු 09 යි 30 සිට පස්වරු 04 යි 30 දක්වා පැවැත්වීමට නියමිතයි.