හිටපු ජනපතිට මෙරටට පැමිණීමට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

0
The Human Rights Commission writes to the President - හිටපු ජනපතිට මෙරටට පැමිණීමට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ සහ කොමිසමේ සාමාජික නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හිටපු ජනාධිපතිවරුන් වෙත හිමිවන ආරක්ෂාව තහවුරු කරන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බැවින් ඔහුට යලිත් සියරට පැමිණීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව කොමිසම ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි සියලු පහසුකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිවිය යුතු බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසම සිය ලිපියෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සොයා බලන ලෙසයි.