දිවා ආහාරය ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා

0
Minuwangoda - දිවා ආහාරය ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා

දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් 16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියාකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය .

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියකගේ පියකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

රිමාන්ඩ් බාරයට පත් සැකකරුගේ බිරිඳ විදේශ ගතව රැකියාවක නිරතවන බව අධිකරණයේදී සඳහන් විය. සැකකාර පියා බීමත්ව නිවසට පැමිණ මෙම දැරියට නිරන්තරයෙන්ම කරදර හිරිහැර කරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ කීය .

සැකකාර පියා තම දියණියට පහරදෙමින් දියණියගේ හිස බිත්තියක හැප්පිම නිසා දියණිය රෝගාතුර වීම හේතුවෙන් දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් මෙතෙක් ඇයගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බව පොලිසිය අධිකරණය හමුවේ කීය

දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය අධිකරණය හමුවේ කීය.