නිකං කන්න දෙන්න බෑ.. වැඩ කරන්න බැරි හැමෝම ගෙදර යන්න…

0
President Ranil Wickramasinghe - නිකං කන්න දෙන්න බෑ.. වැඩ කරන්න බැරි හැමෝම ගෙදර යන්න...

කිසිවෙකුට නිකං කන්න දීමට රජය සූදානම් නැති බවත් වැඩ කරන්න බැරි සියලු දෙනාට ඉවත්ව යන්නයි තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තම ග්‍රාම නිලධාරී කොට්ඨාස වල සංවර්ධනයට හා ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැප විය යුතු බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමිනි.

පක්ෂ පාට ජාති ආගම් නොතකා රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වන බවත් පැවසූ ඔහු නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වන්නැයි තමා කිසිවකුට නො බව නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවද එහිදී පැවසීය.