මං ජනාධිපති කලානම් ජනතාව මෙහෙම දුක් විදින්නෑ

0
Sajith Premadasa - මං ජනාධිපති කලානම් ජනතාව මෙහෙම දුක් විදින්නෑ

පසුගිය ජනාධිපතිවරණයේ දී නිවැරදි තීන්දුව ගත්තා නම් මේ රටේ ජනතාව මේ තරම් දුක් ගින්නකට බඩගින්නකට අසහනයකට පීඩනයකට ලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මන්ද තමන් ක්‍රියාත්මක කරන්නේ මානුෂීය ධනවාදය බවද පැවසූ ඔහු ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කළේ අන්ත පිබරල්වාදී ප්‍රතිපත්තියක් බවද පැවසීය.

සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

රට හදන වැඩ්ඩන් ටික සිටින්නේ සමගි ජන බලවේගය සමග බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.