බිරියගේ පැමිණිල්ලෙන් නැන්දම්මාගේ ඝාතනය හෙළිවෙයි

0
Wife's complaint reveals mother in law's murder - බිරියගේ පැමිණිල්ලෙන් නැන්දම්මාගේ ඝාතනය හෙළිවෙයි

බිරියට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ, මොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක විසින් සිය සැමියාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් මත සැමියා අත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැමියා සහ බිරිඳ එක්ව මීට කලකට පෙර බිරියගේ මව ඝාතනය කළ අයුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව ගම්පහ පොලීසිය කියයි.

තම සැමියා විසින් තමන්ට නිතර කරදර කරන බවට මොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පසුගිය දිනෙක එම කාන්තාව ඇගේ මිතුරියක් සමග ගම්පහ නගරයේ ගමන් කරමින් සිටියදී සැමියා විසින් ඔවුන් දෙදෙනාගේ ගෙල සහ පිට ප්‍රදේශය කපා තුවාල කර ඇති බව පොලිසිය කීය.

ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සදහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා සැමියා අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කරන ලද විමර්ශනයේදී පුරුෂයා සහ බිරිය එක්ව කලකට පෙර බිරියගේ මව ඝාතනය කිරීම පිළිබඳව අනාවරණය වූ බව පොලීසිය සදහන් කරයි.

එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදු කරමින් සිටින අතරතුර මෙලෙස මොවුන් දෙදෙනා පොලීසියට කොටු වූ බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්රාධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කොට ඇත.