විදෙස් ජාතිකයෙක් පැරෂුටයකින් ඇද වැටෙයි

0
A foreigner falls with a parachute in Galaha - විදෙස් ජාතිකයෙක් පැරෂුටයකින් ඇද වැටෙයි

පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලැබූ පුවතක් ගලහ, ලූල්කඳුර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පොලීසිය පැවසුවේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී ඇති බවය.

අනතුරෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බවට වැඩිදුර තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.