අද කොවිඩ් ආසාදිතයින් 653ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 653ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 653 දෙනකු අද (12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

විදේශයන්හි සිට පැමිණි 2 දෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 593,725 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොවිඩ් 19 ආසාදිතව සිටි 159 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක්.

තවත් කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.