සමහරු රනිල් වික‍්‍රමසිංහ වැඩ්ඩෙක් කිව්වට රනිල් වැඩ්ඩෙක් නෙමෙයි

0
Sajith Premadasa Speech - සමහරු රනිල් වික‍්‍රමසිංහ වැඩ්ඩෙක් කිව්වට රනිල් වැඩ්ඩෙක් නෙමෙයි

කොළඹින් පැරදී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් වෙන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් යයි සමහරුන් පවසන බවත් ඊට හේතු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පැරදී ගෙදර ගිය ඔහු අද වන විට ජනාධිපතිවරයා බවට පත්ව තිබීම බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ධුරයට වූ හේතුව ක්‍රමවේදය ප්‍රශ්න නොකරන බවත් එය සිදුවී ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ හොරු රැල රකින බවට තමන්ද පොරොන්දු වූයේ නම් අද මෙරට ජනාධිපති බවද ඔහු තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග ආසන බල මණ්ඩල රැස්වීමක් පැල්මඩුල්ලේදී අමතමිනි.