අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප ‍කෙරේ

0
Writ Petition of British Woman - අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප ‍කෙරේ

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

පෙත්සම්කාරිය මීට පෙර සඳහන් කර තිබුණේ, තමා ගාලු මුවදොර පැවැති ‘ගෝඨාගෝ ගම’ අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බවය.

පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙන්වා දී තිබුණි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.