තමාගේ ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කළහොත් තමා ඊළඟට එන්නේ, මීටත් වඩා ඉහළ තනතුරක් අරගෙන බව සරත් ෆොන්සේකා කියයි

0
Field Marshal Sarath Fonseka - තමාගේ ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කළහොත් තමා ඊළඟට එන්නේ, මීටත් වඩා ඉහළ තනතුරක් අරගෙන බව සරත් ෆොන්සේකා කියයි

යම් හෙයකින් තමාගේ ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කළ හොත් නැවත තමන් පැමිණෙන්නේ, එම තනතුරටත් ඉහළින් ඇති ගෞරව නාමය සමඟ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (15) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනි වැඩසටහනක් හා එක් වෙමින්.

එහි දී මතු කෙරුණු ෆීල්ඩ් මාෂල් ධුරය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඔහු අත් අඩංගුවට ගැනීමේ අවදානම සම්බන්ධයෙන් පැනයකට පිළිතුරු සපයමින්නු යි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ අදහස් පළ කළේ.

එහි දී එලෙස ලැබෙන ගෞරව ධුරය කුමක් ද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එම තනතුර ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ඉහළින් ඇති රටේ නම් හා සම්බන්ධ වන අතිගෞරවනීය තනතුරක් බව යි.

ඒ අනුව ඔහු හැඳින්විය යුත්තේ marshal of the ශ්‍රී ලංකා ලෙසින් බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එහි දී සඳහන් කළේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ, තමා හට එම ධුරය හිමි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තූතිවන්ත වන බව යි.

යම් හෙයකින් තමන්ගේ තරු හතරේ ජනරාල් ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉවත් නො කළේ නම්, තමාට මෙම ධුරය නො ලැබෙනු ඇති බව යි ඔහු සඳහන් කළේ.