සජිත් දෙලොවක් අතර.. ආණ්ඩුවට ගියොත් පිරිසක් ස්වාධීන වෙයි.. නොගියෙන් පලුවක් ආණ්ඩුවට යයි..

0
Samagi Jana Balawegaya - සජිත් දෙලොවක් අතර.. ආණ්ඩුවට ගියොත් පිරිසක් ස්වාධීන වෙයි.. නොගියෙන් පලුවක් ආණ්ඩුවට යයි..

කොන්දේසි පහක් සඳහා එකඟතාවය ලබා ගනිමින් කඩිනමින් සර්වපාක්ෂික ආණ්ඩුවට එක්විය යුතුයැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායමක් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශාල වශයෙන් බලපෑම් කරමින් සිටී.

පහළොස් දෙනකුගේ සීමාසහිත ඇමති මණ්ඩලයක්, හදිසි නීතිය ඉවත් කිරීම, 19 සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම, මාස හයක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම, පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචාවන්ට අදාල පාර්ශ්වයන් වෙතින් එම මුදල් අය කර ගැනීමට ක‍්‍රමයක් සැකසීම යන කොන්දේසි මත එසේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්විය යුතු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මන්ත්‍රීවරුන් 18 දෙනකු පමණ මෙසේ පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බවත් මෙම සතිය ඇතුලත එම තීන්දුව නොගන්නේ නම් ඔවුන් තනි තනි වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වුවහොත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් තවත් මන්ත්‍රී කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබේ.