සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන අවසන් තීන්දුව මේ සතියේ

0
All party government - සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන අවසන් තීන්දුව මේ සතියේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිදුකරන සාකච්ඡා මේ සතියේ අවසන් කිරීමට රජය අදහස් කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡා මේ සතිය අවසානයේ අවසන් කිරීමට අදහස් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.

මේ වනවිට පක්‍ෂ රැසකින් යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර එම යෝජනා එක්කර කෙටුම්පත්කර ඊට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.

එහිදී සර්ව පාක්‍ෂික කණ්ඩායම් ගන්නා තීරණය අනුව නව අමාත්‍ය මණ්ඩලයක් සමග ආණ්ඩුවක් පත්කරනවා ද එසේ නොමැතිනම් පවතින ආණ්ඩුවට අනෙකුත් පක්‍ෂවල පිරිස් එකතුවනවා ද යන්න තීරණය වීමට නියමිතය.

කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 දක්වාත් රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමාවනු ඇති බවත් එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී. රාජ්‍ය අමාත්‍ය ධුර වෙනුවට නියොජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට බොහෝ විට සිදුවිය හැකි යැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.