බිරිඳ ගෙන්න ගන්න දරුවා මරන්න හැදූ පියා (වීඩියෝ)

0
Murder Attempt - බිරිඳ ගෙන්න ගන්න දරුවා මරන්න හැදූ පියා (වීඩියෝ)

තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කළ පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.

බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා ඔහු විසින් එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව අනාවරණයවීමෙන් පසු කුලියාපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවත් පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.