අරගල භූමියේ ඉතිරි කූඩාරම් සහ පිරිස ඉවත්කිරීම ඇරඹේ

0
Galle Face Aragalaya - අරගල භූමියේ ඉතිරි කූඩාරම් සහ පිරිස ඉවත්කිරීම ඇරඹේ

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි පුද්ගලයින් සහ ඉවත් නොකරන ලද කූඩාරම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව පොලීසිය ඊට අදාළ දැන්වීමක් ද එම භූමියේ මේ වනවිට ප්‍රදර්ශනය කර ඇත.

එසේම අදාළ ඉවත්කිරීම සිදුවන මේ අවස්ථාවේ ගාලුමුවදොර පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් ද එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.