ඉන්දියාව-බටහිර නොතකමින් ජනාධිපතිගේ පලමු නිල සංචාරය චීනයට

0
Official visit - ඉන්දියාව-බටහිර නොතකමින් ජනාධිපතිගේ පලමු නිල සංචාරය චීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු නිල සංචාරය ලෙස චීනය බලා යාමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ එම සංචාරයට පෙර මේ දිනවල දී ඇති වී තිබෙන ‘යුවාන් වෑන් 5’ චීන නෞකාවට අදාළ ගැටළුකාරී තත්ත්වය ද නිරාකරණය කරනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මෙරට රාජ්‍ය නායකයෙකු පත්වූ පසු පළමු සංචාරයකට ලෙස අසල්වැසි ඉන්දියාවට යාම වැඩිපුරම සිදු කරන ලදී.

නමුත් වත්මන් ජනාධිපතිවරයා සිය පලමු සංචාරය ලෙස චීනය තෝරාගැනීම පසුපස දේශපාලන පණිවිඩයක් ජාත්‍යන්තරය වෙත ලබා දෙනු ඇති බව විචාරක මතයයි.