ඩීසල් අදිනවා.. දැක්කේ නෑ වගේ යන්න ඕන…

0
Fuel queue - ඩීසල් අදිනවා.. දැක්කේ නෑ වගේ යන්න ඕන...

හෙම්මාතගම සමූපකාර ඩීසල් පොලිමේ අද 11 තිබු ලොරි රථයක ටැංකය තුළ ඇති ඉන්ධන එහි රියදුරු බටයක් ආධාරයෙන් ඉවත් කරන විට එම ස්ථානයෙන් පොලිස් ජිප් රථය සහ නිලධාරීන් ගමන් කරන අන්දම ජායාරූප ගත වි තිබුණි.

ප‍්‍රධාන මාර්ගයක මෙලෙස හැසිරෙන පුද්ගලයාට අවවාදයක්වත් නොදි එම ස්ථානයෙන් පොලිස් නිලධාරීන් පැමිණි බවද ජනතාව පවසන්නට විය.

හෙම්මාතගම නගරයේ දැනට භාවිතා වන කියු ආර් තාක්ෂණික ක‍්‍රමවේදය අනුව තෙල් ලබා ගැනීමේදි එය අවභාවිත වන බවට ජනතාවගෙන් පැමිණිලි වාර්තා වි ඇති අතර ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ද අවස්ථා කිහිපයකදි දැනුවත් කර තිබුණි. නමුත් මේ වෙනුවෙන් මෙතෙක් ඔවුන්ට සාධණිය පිළිතුරක් නොලැබි ඇත.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි)