බලෙන් ආවොත් චීන නෞකාවට පහර දෙන්නත් අපිට පුලුවන්ලු

0
Yuan Wang 5 - බලෙන් ආවොත් චීන නෞකාවට පහර දෙන්නත් අපිට පුලුවන්ලු

ආන්දෝලනයට ලක්ව ඇති චීන නෞකාව සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පුවත්පතකට කරුණු පැහැදිලි කොට තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව චීනය සිය නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට පියවර ගතහොත් එමඟින් පැහැදිලිවම අන්තර්ජාතික සාගර නීතිය උල්ලංඝනය වන බවයි.

මේ ඔහු සඳහන් කළ අදහස්.

“අන්තර්ජාතික සාගර නීතියේ තියෙනවා ‘සාගර නීතිය පිළිබඳ සම්මුතියක්'(law of the sea convention). එම සම්මුතියට අනුව ඕනෑම විදේශීය ගුවන් හෝ සාගර යාත්‍රාවක් රටකට ඇතුළුවීමේදී එම රටේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. එසේ නොමැතිව එම රටේ සාගර කලාපයට ඇතුළු වුවහොත් එය මෙම අන්තර්ජාතික සම්මුතිය, එනම් අනතර්ජාතික සාගර නීතිය උල්ලංඝනය කිරීමක් බවට පත්වෙනවා. අපිට මේ තත්ත්වය සාමකාමීව විසඳාගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම පුළුවන් මේ ගැටලුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයට දැනුම් දෙන්න. නෞකාව වරායට ඇතුළු වුවහොත් එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් නිසා අපිට අවශ්‍ය නම් නෞකාවට පහර දෙන්න පුළුවන්. නමුත් චීනය සමග පවතින සම්බන්ධතා මත එවැන්නක් සිදුකරයි කියල හිතන්න බැහැ. කොහොම වුණත් එවැනි බලහත්කාරී ක්‍රියාවක් හමුවේ අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න පුළුවන්.”

(nethgossip.lk වෙබ් අඩවිය ඇසුරිනි)