ජනපති රනිල්ගෙන් අනුරට ලිපියක්

0
A letter from President Ranil to Anura - ජනපති රනිල්ගෙන් අනුරට ලිපියක්

ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.

සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

“අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි”යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට යැවූ ලිපියේ සඳහන් වේ.