මාස 07ක් තුළ ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා මමයි

0
I have been the most popular person in Sri Lanka last 7 months - මාස 07ක් තුළ ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා මමයි
මේ රටේ ජනතාවගේ ගැටලු වලට සිව් මසක් තුල විසදුම් ලබා දිමට වත්මන් රජය කටයුතු කරන බවත් ගත වු මාස 07 තුල මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වුයේ තමන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් ඊයේ (07) දින කියා සිටියේ සෞභ්‍යයා වැඩසටහන යටතේ නාවලපිටිය වැලිගම්පල ප්‍රදේශයේ පවුල් 100 කට ගම්මිරිස් සහ පොල් පැළ ලබා දිමේන් අනතුරුව පැවති ජන හමුවේදිය.

ගොවියන් උද්ඝෝෂණය කරමින් තමන්ගේ අනරුවන් සාදා ඒවාට ගිනිතැබුවද ,එය තමන්ගේ ඉදිරි වැඩපිලිවෙලට බාධාවක් කර නොගත් බවයි.

ජනාධිපතිතුමා සිදු කරන කාබනික පොහොර භාවිතය සම්බන්දයෙන් සිදු කරන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට තම උපරිම දායකත්වය ලබා දෙන බවත් රසායනික පොහොර අනායනය කලද කාබනික පොහොර වගාව දිගටම සිදු කරන බවයි අමාත්‍යය වරයා කියා සිටියේ.

ජනතා විමුක්තිපෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල රටේ ජනාධිපතිවරයා වාගේ කටයුතු කරන බවද ,අමාත්‍යය මහින්දානන්ද මහතා මෙම රැස්විමේදි වැඩි දුරටත් කියා සිටියේය.