පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි මෛත්‍රී කල ඉල්ලීම අධිකරණය ඉවත දමයි

0
Court dismisses Maithripala Sirisena's plea for release from Easter charges - පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි මෛත්‍රී කල ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි නියෝගයක් ඉල්ලා ගොණුකර ඇති නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති තමන් එම චෝදනාවලින් මුදා හරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මෙනෙවිය විසිනුයි නියෝගය ලබාදුන්නේ. පසුගිය නොවැම්බර් 29 වනදා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබුණේ පළමු අවස්ථාවේදීම චෝදනා විභාගයකින් තොරව ඉවත දමන ලෙසටයි.