අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි

0
The two missing children are found - අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ ළමුන් දෙදෙනා හමුවී තිබේ.

අද (06) දහවල් කාන්තාවක් පැමිණ දරුවන් දෙදෙනා මීරිගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මස 23 වන දා එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එලෙස අතුරුදන්ව සිටියේ, ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකි.

දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොටදෙණියාව පොලීසිය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිහාල් තල්දූව මහතා පැවසීය.

දරුවන් රැඳී සිටි ස්ථාන සහ ඔවුන් අතුරුදන් වූ ආකාරය පිළිබඳ අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානත්මක අපරාධ කොට්ඨාසය සහ කොටදෙණියාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.