වැලිගම අබිරහස් මරණයේ සුල මුල හෙළිවෙයි (වීඩියෝ)

0
Weligama murder - වැලිගම අබිරහස් මරණයේ සුල මුල

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගිය 20 වැනිදා වාර්තා විය.

එහිදී මියගිය පුද්ගලයා බස් රථයකට යටවන දර්ශන පෙළක් පමණක් නිකුත් වීම සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා එල්ල කළේ වැලිගම පොලිසිය වෙතයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බලා සිටියදී අදාළ පුද්ගලයාට පහරදීමක් සිදුවන ආකාරයත් ඉන් අනතුරුව ඔහු බස් රථයකට යටවන ආකාරයත් දැක්වෙන දර්ශනපෙළක් ලැබී තිබෙනවා.

47 හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමැති තිදරු පියෙක් අදාළ සිද්ධියේදී මියගොස් තිබුණා.

එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙක් නිවසේ නිරෝධානයට ලක්කර තිබුණේ ඔහුගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයක සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන්.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බව වාර්තා වුණා. ඔහුගේ බිරිඳ හා දරුවන් පැවසුවේ වැලිගම පොලිසිය විසින් ඔහුට පහරදි ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

(https://www.hirunews.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)