අමෙරිකාව ඇස්ට්‍රාසෙනෙකා මිලියන 60ක් අපනයනය කිරීමට සුදානම්

0
Vaccine and syringe injection. It use for prevention, immunization and treatment from corona virus infection (novel coronavirus disease 2019, Covid-19). USA Flag background.

අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා  මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය  කර තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ එම එන්නත් අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ධවල මන්දිරය පවසා ඇත.

කෙසේවෙතත් එන්නත එරට ජනාතාව සඳහා භාවිතයට මෙතෙක් අවසර හිමිව නොමැති බව සඳහන්ය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 04ක් පමණ මෙක්සිකෝවට සහ කැනඩාවට ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟතාව පළකර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඊයේ පැවති දුරකථන සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට පියවරගන්නා බවය.