විස්ස අවලංගු කර දහනවය යළි ගෙන ආ යුතුයි

0
20th amendment should be canceled and 19th amendment brought back - විස්ස අවලංගු කර දහනවය යළි ගෙන ආ යුතුයි

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම්.

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා.

ආණ්ඩුව රජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හයේ පහරක් එල්ල කළ බව ද පැවැසීය.

මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.