අද කොවිඩ් ආසාදිතයින් 365ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 365ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 365ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙම නව ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 6කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 588,300ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර මේ වනවිට මෙරට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 12,135ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 179 දෙනෙකු අද (03) දිනයේ සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 561,128ක් දක්වා ඉහළ ගිය බවයි.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.