දෙහිවල මුහුදේදී කිමිදුම්කරුවෙක් කිඹුලකුට බිලි

0
Diver killed by crocodile in Dehiwala - දෙහිවල මුහුදේදී කිමිදුම්කරුවෙක් කිඹුලකුට බිලි

දෙහිවල දුම්රියපොළ පිටුපස ගොඩගල අසල මුහුදු තීරයේදී කිඹුලකු විසින් පහරදීමක් නිසා කිමිදුම්කරුවකු අද (3) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර නිවාසවල පදිංචිව සිටි කේ. ජයන්ත පීරිස් නම් (50) හැවිරිදි මුහුදු කිමිදුම්කරුවෙකි.

මොහු සමග අද (3) උදෑසන සුපුරුදු පරිදි සංගමයේ තවත් කිමිදුම් කරුවන් කීප දෙනෙකු සමග ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදී සිට ඇත .ඒ අතර අනෙක්‌ අය උදෑසන 10.30 ට පමණ නැවත වෙරල දෙසට පැමිණෙමින් සිට ඇති අතර , ගැඹුරු මුහුදේ කිඹුලකු විසින් මිනිසකු කටින් ඩැහැගන යනු දැක ගොඩට පැමිණි ධීවරයන් අනෙක් ධීරවයන්ට ඒ පිළිබදව දන්වා තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මකවූ කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති එල්.එච්.රංජිත් සිල්වා මහතා සිද්ධිය පිළිබඳව මෙසේ පැවසීය.

මේ පිළිබඳව මා වෙත දැනුම් දුන් ධීවරයින්ගේ බෝට්ටුව ඉල්ලාගන ඉක්මනට ඒ දෙසට ගියා .ටික වෙලාවක් යනවිට කටින් හපාගන සිටි අය සමග කිඹුලා මුහුදු රළ අතරින් මතුවෙලා ආවා .මම ඉක්මනට බෝට්ටුවේ තිබූ කොකු සහිත ඇමක් ඒ දෙසට දාලා බෝටිටුව ඇදගන ගියා එවිට කටේ සිටි අය අතහැරවා කිඹුලා පලා ගියා අප ඉක්මනට පාවෙමින් සිටි ජයන්ත පීරිස් අය බෝට්ටුවට දාගන ගොඩට ගෙනත් ඉක්මනට රෝහල් ගත කලා ඒ යන විටත් ඔහුගේ උරහිස කථටස හොදටම සපා කාලා තුවාල වෙලා ඔහු කටින් සෙම දමමින් සිටියා . පසුව අපට ආරංචි වුනා ඔහු මිය ගිය බව.

අප වනජීවි අංශයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි භයානක කිඹුලන් අල්ලා ඉවත් කරන ලෙසටයි නැතිනම් ඉදිරියේදී ධීවරයින්ට ධීවර කටයුතූ පවා සේදු කර ගැනීම අවධානම් බවත් කියා සිටිනවා.