25 සහ 28 ත් සංචරණ සීමා

0
අඛණ්ඩ සංචරණ සීමා

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව ඊයේ රාත්‍රී 11.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි මස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය අද නිවේදනය කළේය.

මීට පෙර මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණද එම දිනවල සංචරණ සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

එසේ වුවද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකිය.

දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ලබන මැයි මස 25 වනදා  වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා විසින් නිවේදනය කර ඇත්තේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය නිකුත් කර ඇති බවය.

කෙසේ වෙතත් එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොළඹට පිවිසෙන සහ පිටවන ප්‍රධාන ස්ථානවල අද උදෑසන වන විට දිස්වුයේ දැඩි පාලු ස්වභාවයකි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින්  පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බවද බලධාරීන් පවසයි.

( adaderana.lk