අද කොවිඩ් ආසාදිතයින් 339ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 339ක් වාර්තා වෙයි
අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වෙයි.

ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,935ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 224 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,949ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.