බඩු මිල ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ

0
Commodity prices are rising not only in Sri Lanka - බඩු මිල ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ

බඩු මිල ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ලෝකය පුරා බඩු මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

පිටරටවලින් භාණ්ඩ සැපයුම් ජාල පිළිබඳව ප්‍රශ්න ඇති බවත් ඒවා යථා තත්ත්වයට පත්වීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සමාගම් පවසා ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම් අවහිර වී ඇති බවත් පැවසූ ඇමතිවරයා ලබන වසර පමණ වන විට එය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.