ඊයේ දින වැඩිම කොරොනා ආසාදිතයින් කොළඹින්

0
දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන

මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 997 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයනිවේදනය

ඒ 173 දෙනෙකු ලෙසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් 92ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 86ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 66ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් 74 ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 59 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 49ක් ,මාතර දිස්ත්‍රික්කයෙන් 32 ක් , බදුල්ල දිස්ත්‍රික්කයෙන් 25ක් , පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලින් 22 දෙනා බැගින් ද ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.

එමෙන්ම විදේශයන් සිට පැමිණි 45 දෙනෙකුද ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර වනවා.