මොන අභියෝග ආවත් හරිත කෘෂිකර්ම රජයේ ප්‍රතිපත්ති සමග නොසැලිව ඉන්නවා

0
Mahindananda Aluthgamage Statement about Green Agriculture Government Policy - මොන අභියෝග ආවත් හරිත කෘෂිකර්ම රජයේ ප්‍රතිපත්ති සමග නොසැලිව ඉන්නවා

කුමන අභියෝග පැමිණියද හරිත කෘෂිකර්ම රජයේ ප්‍රතිපත්ති සමග නොසැලි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අවධාරණය කරනවා.

එම නිසා හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් බැවින් රජයත්, ජනාධිපතිවරයාත් සමග එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළකලේ කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්වූ නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදීයි.

තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම සෑම අමාත්‍යංශයකටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද අමාත්‍යවරයා සිහිපත් කරනවා.

ඒ අතරින් පොහොර, වී වැනි ක්ෂේත්‍ර ප්‍රධාන තැනක් ගන්නා බව ද සදහන්. මේ අතර 2024 වනවිට මිරිස් ආනයනය සියයට සියයක්ම අත්හිටුවීමටද අල හා ලූණු ආනයනය 35% දක්වා සීමා කිරීමට අදහස වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

පසුගිය පාලන සමයේ විනාශකර දමා තිබු ජනවසම ඇතුළු ආයතන හතරක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අනාවරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.