වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

0
Dimuth Karunaratne to Captain Test Team of the Year - වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොව ජනප්‍රියතම වෙබ් අඩවියක් වන ඔස්ට්‍රේලියානු Cricket.com.au වෙබ් අඩවිය මගින් වසරේ ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා.

එම කණ්ඩායමේ නායකත්වය පවරා ඇත්තේ, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට වීම විශේෂත්වයක්.

එම වෙබ් අඩවිය මගින් පසුගිය වසර තුළ දී පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක් වූ ක්‍රීඩකයින් රැසක් අතරින් මෙම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරා ගත් බවයි සඳහන් කරන්නේ.

එම තෝරා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සිවු දෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්, සහ ශ්‍රී ලංකා, එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත එක ක්‍රීඩකයෙක් බැගින් ඇතුළත්.

මෙහි දී දිමුත්ගේ දස්කම් අගය කරන ඔවුන් පවසන්නේ, පසුගිය වසර හත තුළ කිසිදු ආරම්භක පිතිකරුවෙකු දිමුත් කරුණාරත්න තරම් ටෙස්ට් ලකුණු රැස් කර නො මැති බවයි.

ඒ අතරම මේ වමත් පිතිකරුවා නායකත්වයට පත්වීමෙන් පසු ඔහු දැක්වූ විශේෂ දක්ෂතා සටන් කරන මෙම වෙබ් අඩවිය පවසන්නේ, ඔහු නායකයෙකු ලෙස කණ්ඩායමේ ජයග්‍රහණය සහ කණ්ඩායම අසීරුතාවට වැටී සිටි අවස්ථාවල දී ඉන් ගලවා ගැනීම සඳහා දැඩි සටනක නියැලෙන නායකයකු බවයි.

ඔස්ට්‍රේලියානු Cricket.com.au වෙබ් අඩවිය මගින් නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායම මෙසේයි.

රෝහිත් ශර්මා – ඉන්දියාව , දිමුත් කරුණාරත්න (නායක) – ශ්‍රී ලංකාව , මානස් ලබුශේන් – ඔස්ට්‍රේලියාව , ජෝ රූට් – එංගලන්තය , ෆවාඩ් අලාම් – පාකිස්තානය , රිෂාබ් පාන්ට් – ඉන්දියාව , රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව , කයිල් ජැමීසන් – නවසීලන්තය , අක්ෂාර් පටෙල් – ඉන්දියාව , හසන් අලි – පාකිස්තානය , ෂහීන් ෂා අෆ්රිඩි – පාකිස්තානය