තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් මෙරටින් හඳුනා ගැනේ

0
Another Fourty One Omicron Infections have been Identified in the Country - තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් මෙරටින් හඳුනා ගැනේ
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසටය.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වගකීමෙන් කටයුතු කරන්න මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.