කොවිඩ් නිසා දිව ලොකුවෙන රෝගයක් (VIDEO)

0
Macroglossia - දිව ලොකුවෙන රෝගය

කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම රෝගය හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) ලෙසයි. එම රෝගය හේතුවෙන් දිව විශාල වීමක් සිදුවන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිදන්ගත රෝගයක්ව ශරීරය තුළ පැවතවිත් මෙම රෝගී තත්ත්වය කොවිඩ් වෛරසය නිසා එය සක්‍රීය වී ඇත්දැයි සොයා බැලීමට මෙම රෝගීන්ගේ ජානමය පරික්ෂාවක් කිරීමට මෙම පර්යේෂකයන් කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

මෙම සියලු රෝගීන්ට පොදු වු කාරණයක් සොයා ගැනීමට හැකි වුවහොත් මෙම රෝගයට විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව සඳහන්.

ඇමෙරිකාව තුළ මේ වන විටත් මෙම රෝගීන් 09 දෙනෙකු පමණ වාර්තා වී තිබෙනවා.