කුමාරි ඇල්ලේදී අතුරුදන්වූ තුන්දෙනා අතරින් ගැහැනු ළමයෙකුගේ මළ සිරුර හමුවෙයි

0
Three Young Girls Missing Incident in Kumari Ella - කුමාරි ඇල්ලේදී අතුරුදන්වූ තුන්දෙනා අතරින් ගැහැනු ළමයෙකුගේ මළ සිරුර හමුවෙයි

හංවැල්ල කුමාරි ඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගසාගෙන ගොස් අතුරදන්ව සිටි තුන්දෙනා අතරින් වයස අවුරුදු 16ක ගැහැනු ළමයාගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටින 14 හැවිරිදි අනෙක් ගැහැනු ළමයා සහ 29 හැවිරිදි තරුණිය සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ පස්වරු 06.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

තවත් පිරිසක් සමග හංවැල්ල කුමාරි ඇල්ලේ දියනාමින් සිටියදී වර්ෂාවත් සමග එක්වරම ඇල්ලේ දියපහර වැඩිවී ගැහැනු ළමුන් දෙදෙනා සහ තරුණිය දියේ ගසාගෙන ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන්ව සිටින ගැහැණු ළමයා සහ තරුණිය හැඳල සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්.