කැබිනට්ටුව අසමත් නිසා රටම අසමත්

0
The Whole Country Fails Because the Cabinet Fails - කැබිනට්ටුව අසමත් නිසා රටම අසමත්

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇතැයි ජාතික උරුම සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මේ වන විට කැබිනට් මණ්ඩලය ෆේල් බව පැහැදිලි වන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (30) පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යාම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.