අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 586,746ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11,471ක්.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 228 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,313ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.