සිහිසුන්ව සිටි තරුණයෙක් හමුවෙයි – පොහොර උරයකින් ඔළුවත් වසලා (VIDEO)

0
Dambulla bus Stand - සිහිසුන්ව සිටි තරුණයෙක් හමුවෙයි

දඹුල්ල නගර මධ්‍යයේ සිහිසුන්ව වැටී සිටි තරුණයෙකු දඹුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දඹුල්ල රෝහලට භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරුණයාගේ මුහුණ කොටස වැහෙන සේ පොහොර උරයක් දමා තිබුණු අතර, ඔහු මාවතගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි හෙළිව තිබෙන්නේ.
දඹුල්ල නගර මධ්‍යයේ මෙම තරුණයා සිහිසුන්ව වැටී සිටින ආකාරය අප මාධ්‍යවේදියා දැක ඇත්තේ අද පෙරවරුවේයි.

ඒ වන විට ඔහුගේ මුහුණ සහ ශරීරය කොටසක් වැසෙන සේ පොහොර උරයක් දමා තිබුණා.

මේ පිළිබඳව ප්‍රධාන මාර්ගයේ ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදාවට සහ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මෙම පුද්ගලයා පරීක්‍ෂාවට ලක් කළා.
පොලිසිය දැඩි පරිශ්‍රමයක් යොදමින් මෙම පුද්ගලයානෙග් විස්තර දැන ගැනීමට උත්සහ කළද ඔහු සිටියේ දැඩි කම්පන තත්ත්වයෙන්.

ඔහු සතුව තිබූ පසුම්බිය පරීක්‍ෂා කිරීත්‍ම්දී ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකිවූ අතර, ඔහු මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණි දිසානායක නැමති තරුණයෙක්.

දඹුල්ල මහ නගර සභා ගිලන් රථයකින් තරුණයා දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගනු ලැබුවා.

ඔහු කිසියම් පහරකෑමකට ලක්ව සිටියේද මෙම තරණයා දඹුල්ල නගරයට පැමිණියේ කුමකටද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.