ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

0
Sri Lanka Under Nineteens Qualified to the Final of the Asia Cup - ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (30) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන 19න් පහළ කණ්ඩායම ලකුණු 22 කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 44යි පන්දු 05කදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

පන්දු 300කදී ලකුණු 148ක පහසු ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන 19න් පහළ ක්‍රීඩකයින්ව පන්දුවාර 49යි පන්දු 03ක් තුළ ලකුණු 125කට සීමා කරන්නට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 22ක ජයක් හිමිකර ගත්තා.

මේ අනුව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම මුණ ගැසෙනු ඇති.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)