අපි හදපු ආණ්ඩුවෙන් යන්නේ මොකටද?

0
Vasudeva Nanayakkara Statement of Resign from Government - අපි හදපු ආණ්ඩුවෙන් යන්නේ මොකටද?

රජයෙන් ඉවත්ව යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද ” යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේ‍ය.

මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමිනි.

මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණු බව සිහිපත් කළ නානායක්කාර මහතා ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම එකම බලාපොරොත්තුව බව ද සඳහන් කළේය.

නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය මතුකර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.