අද රාත්‍රියේ සිට කිරිපිටි මිල නැවත ඉහළට

0
Milk Powder Prices to Go up Again from Tonight - අද රාත්‍රියේ සිට කිරිපිටි මිල නැවත ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ගණන් නැවත වරක් ඉහළ දමා තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කලේ කිරිපිටි කිලෝවක පැකට්ටුව රුපියල් 150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60 කින්ද මේ අනුව වැඩි කෙරෙන බවයි.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් වන අතර කිලෝ ග්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345 දක්වා ඉහළ යනු ඇති.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් විසින් පියවර ගනු ලැබුවා.

ලෝක වෙළෙඳපොළේ මිල යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන් යටතේ කිරිපිටි තවදුරටත් ලබාදීමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.