හිස් ගෑස් සිලින්ඩර ජනවාරි 01 පාරට

0
Asela Sampath Statement about Empty Gas Cylinders Protest - හිස් ගෑස් සිලින්ඩර ජනවාරි 01 පාරට

පවතින ගෑස් හිගයට විරෝධය පළ කරමින් ලබන වසරේ ජනවාරි පලමුවැනිදා හිස් ගෑස් සිලින්ඩරද ගෙන දැවැන්ත පා ගමනක් පැවැත්වීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර කර තිබෙනවා.

සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කලේ විරෝධතාවේ ගමන් මාර්ගය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිට පැමිණෙන විරෝධතා පා ගමන ප්‍රධාන මාර්ග වලින් එක් ස්ථානයකට එක්වී ගමන් කිරීමට යෝජිතයි.