මෝටර් රථවල මිල පහළ බහින දිනය

0
The Day of Car Prices Go Down - මෝටර් රථවල මිල පහළ බහින දිනය

ලොව රටවල් රැසකට බලපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයත් සමග විශාල ලෙස භාවිතා කළ මෝටර් රථවල මිල ඉහළ ගොස් තිබේ.

Cox Automotive සමාගම පවසන පරිදි ලබන 2022 වසරේන් පසු, 2023 වසර ආරම්භයේදි භාවිතා කළ වාහන වල මිල පහළ බැසිය හැකි බවයි.

නමුත් ඒ වනතෙක් රටවල් රැසකම භාවිතා කළ වාහනවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් විසින් ඒවායේ මිල ඉහළ දැමීම හේතුවෙන් නව මෝටර් රථයක මිලද ඉහළ ගොස් තිබේ.

එමෙන්ම නවතම මෝටර් රථ නිෂ්පාදනයේ ද කැපීපෙන අඩුවක් දක්නට ඇති බව Cox Automotive සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ද භාවිතා කළ මෝටර් රථවල මිල තව තවත් ඉහළ යා හැකි බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙයි.