අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 479ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today -අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 479ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 479ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 584,586ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,788කි.

කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයින් 191 දෙනෙකු අද දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,875ක්.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.